මේ වන වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් හේතුවෙන් මෙම තත්ත්වය නිසා විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුලු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරය දැකිය හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, මෙම තත්ත්වය මත රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය පැණවීමට කටයුතු කරන බවට වන විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවද නිරීක්ෂණය වේ. නමුත්, මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය විසින් අවධාරණය කරයි.
ඒ අනුව, මෙවැනි සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමේ අරමුණ වන්නේ ජනතාව නොමග යවමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිකිරීම බවද පැහැදිළි වේ. මේ අයුරින් සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන මෙන් රජය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.