උඩප්පුව පොලිස් වසමේ කොත්තන්තිව් ප්රදේශයේදී නිවස ඉදිරිපිට පිහිටි මාළු ටැංකියකට දැරියක් වැටීමෙන් පසු කොත්තන්තිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට උඩප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මිය ගිය දැරිය අවුරුදු 01 මාස 04 ක් වූ පෙරියපාඩුව, කොත්තන්තිව් ප්රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. උඩප්පුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.