නිරෝධායන මධ්‍යස්ථානයක සිටි කාන්තාවක් අත්අඩංගුවට
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ කාන්තාව විසින් එම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින සෙසු කාන්තාවන්ගේ තොරතුරු රැස්කරන බවට ලද තොරතුරක් මත වේයන්ගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ බවය.
ඒ අනුව අදාළ කාන්තාව සැකකටයුතු ලෙස හැසිරෙන බවට නිරෝධායන මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ පැමිණිල්ල ට අනුව ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව එම කාන්තාව පිළිබඳ සිදුකළ විමර්ශනයේ දී හෙළිව ඇත්තේ ඇය 2019.02.06 වන දින සෞදි අරාබිය බලා පිටව ගොස් ඇති බවත්, ඒ සඳහා ඇය ව්‍යාජ හැඳුනුම්පත් සකස් කරගෙන ඇති බවත්ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පාතිමා රම්සාමියා නමැති කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (20) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

