දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කෙරේ.
බස්නාහිර ,වයඹ , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු , උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මි 40 _50 දක්වා වැඩි විය හැක.
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.
