නිදහස් පක්ෂයට පල නොකියා පළා බෙදන ප්‍රසන්න
පුරසාරම් දෙඩවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් බව සිහියේ තබාගත යුතුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (27) කොළඹ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මේ දිනවල පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබද ව මාධ්‍ය වේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තුනෙන් දෙකේ බලයක් අත්‍යවශ්‍ය නොවන බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරිම වැනි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම වැනි ඇතැම් විශේෂ කරුණු සදහා පමණක් තුනෙන් දෙකේ බහුතර පාර්ලිමේන්තු බලයක අවශ්‍යතාවය මතු වන බව පෙන්වා දෙයි.
ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරය බලය ආණ්ඩුවට හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වැටීමට ලක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමතිවරයා මේ නිසා මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දෙඩීම පසෙක තබා අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ හැකියාව ඇතැයි ද කියා සිටියි.
ඉකුත් මහ මැතිවරණයේදී "මෛත්‍රිපාල සිරිසේනට ගෑවුණු කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා" යි තමන් කළ ප්‍රකාශයද සිහිපත් කල අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රටත්, රටේ ජාතික ආරක්ෂාවත්, විනාශ වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය නිසා යැයි වැඩිදුරටත් මෙහි දී කියා සිටියේ ය.
popular news
-
Kumar Sunday, 28 November 2021 05:37 PM
Jothipala mahathmayge "muladibanada adareka mihiradan" geethaya makawenawa. Dalagiyoth aprail wadayata kotukaragani kiyala bayata innawa aththe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

