නිදහස් පක්ෂයට ඡන්ද ජයක්
මිල්ලනිය සමුපකාර සංගමයට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත කණ්ඩායම ජයග්‍රහණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සහ මධ්‍යම කාරක සභික හිටපු බස්නායක පළාත් අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතා අද (28දා) පස්වරුවේ පැවසීය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට සභාපති, උප සභාපති, ධූරයන් ද ඇතුළුව අධ්‍යක්ෂක මණ්ඩල දුර හතරක් ද හිමිව තිබේ.
මිල්ලනිය සමුපකාර සංගම් නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයේදී එම ප්‍රදේශය නියෝජනය කරන පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නියෝජිතයන් දෙපිරිසක් අතර ඇතිවූ තරගයකින් එම කණ්ඩායමට ජය ගත හැකි වී ඇත්තේ අධ්‍යක්ෂක ධුර තුනක් පමණක් බව ශ්‍රීලනිප දිස්ත්‍රික් නායක සුමිත් ලාල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
popular news
-
L g P jathunarachchi Monday, 06 December 2021 05:50 AM
the co operative movement is not a political gang
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

