හාලිඇල උඩුවර හෙලවැල්ගොල්ලේ ඉඩමක නිධන් හැරීමේ අමුණින් කැනීම් කටයුතු සිදුකල බවට සැකපිට හාලිඇල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනෙක් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (12) නියෝග කළේය .
වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයස් කාණ්ඩ වලට අයත් මෙම සැකකරුවන් ගෙන් දෙදෙනෙක් ස්ප්‍රිංවැලි පදිංචිකරුවන් වන අතර තිදෙනෙක් උඩුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි .
කැනීම සිදුකළ ස්ථානයේ ගලක ඇත්අඩියක සලකුණ තිබූ බව පැවසෙතත් අඩි 17 ක් ගැඹුරට කැනීම් සිදුකර තිබූ බැවින් එය සනාථ කර ගත නොහැකිවූ බවත් ස්ථානය නිශ්චය කර ගැනීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා බවද පොලිසිය සඳහන් කළේය .
එම ස්ථානයේ තිබි පිකැස්, අලවංගු , උදලු, ඇතුලු උපකරණ ද පොලීසිය භාරයට ගෙන තිබේ .
