නිට්ටඹුව, දොරකඩවෙල කුඹුර ආසන්නයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (10දා) සවස 3.30ත් රාත්රී 7.30ත් අතර කාලයේදී මෙම මෙම ඝාතනය සිදුකර තිබේ.
මරණකරු අවුරුදු 26ක් වන යටියන, නිට්ටඹුව පදිංචිකරුවෙකි. ඝාතනය කළ පුද්ගලයන් අණාවරණය වී නොමැති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වයි.