නායයෑමේ හා ගංවතුර අවදානම් නිකුත් කරයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
එම අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 10ක් සඳහා පළමු අදියරේ අවදානම් මෙසේ නිකුත් කර තිබේ.
කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ ගොස් ප්‍ර දේශ කිහිපයක සුළු ගංවතුර මට්ටමක් ඇතිව තිබේ.
මෙ අනුව එම ගංඟාවල පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඉදිරි පැය 24 තුළ කැළණි ගඟේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවත, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.
ගිං ගඟේ වැලිවිටිය - දිවිතුර, බද්දේගම, කොටපොළ, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟේ පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්ද ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල, මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

