දිස්ත්රික්ක 4ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම දිස්ත්රික්ක හතර වන්නේ රත්නපුර,කළුතර ,මාතර සහ , කෑගල්ල යන දිස්ත්රික්කය.
මෙම දිස්ත්රික්කය තුළ වෙසෙන ජනතාව, මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, යම් ස්ථානයක නායයාම් පූර්ව ලක්ෂණ දක්නට ලැබේ නම් එම ස්ථානයෙන් වහාම ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
