මධ්‍යම කඳුකරයට දින කීපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවධානම මත තලවකැලේ, නානුඔය, දඹගස්තලාව වතුයායේ වතු නිවාස හතක පදිංචි පුද්ගලයන් 32 එම නිවාසවලින් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
එම වතු නිවාසයන්ට ඉහළින් පිහිටි පස් කඳු නිවාසවලට කඩා වැටීමේ අවධානම මත මෙම නිවාසවල පදිංචිකරුවන් මෙසේ ඉවත් කොට ඇති අතර ඔවුන් දැනට ඥාතීන්ගේ නිවාසයන්ගේ තාවකාලිකව නැවතී සිටිති.
