හලාවත නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තරුණියකට කොයිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ඊයේ ( 09) දා හදුනාගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ තවත් ග්‍රාම සේවා කොට්ඨාස 4ට අයත් 42කු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නාත්තන්ඩිය කොට්ඨාස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා පවසයි.
කොයිඞ් 19 වෛරසය ආසාදනයවී ඇති 26 හැවිරිදි තරුණිය කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් සඳහා වූ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ උපදේශිකාවක් වශයෙන් සේවය කර ඇත. ඇය නිවාඩුවක් සඳහා එහිසිට පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කුරුණෑල සිට හලාවතල මාරවිල හරහා පදිංචි කොට්ටරාමුල්ල පිහිටි තම නිවසට පැමිණ ඇත.
ඇයගේ පැමිණීමෙන් අනතුරුව ඇය ඇසුරු කළ සහ අවශ්‍යතා සඳහා ගිය නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පිහිටි කොස්වත්තල කොට්ටරාමුල්ල කලූගල්ලෑවල තුන්මෝදර යන ග්‍රාමසේවා ප්‍රදේශවල 42 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
අසාදිත තරුණිය අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ දිනයේදීම අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර සඳහා අයි. ඞී. එච් රෝහලට ඇතුලත්කර ඇති අතර නිවසේ වාසය කළ ඇයගේ මවගේ සහ පියාගේ ජෛව සාම්පල පීග සී. ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එම ප්‍රතිඵල අද පස්වරුවේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය නිලධාරීවරයා පවසයි.
ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මෙම අවදානම් අවස්ථාවේ සියලූ ප්‍රදේශ වාසීන් උපදෙස් දීඇති පරිදි නියමිත සෞඛ්‍ය පුරුදු නීතිරීති පිළිපදිමින් අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැර නොයා වගකීමකින් කටයුතු කරන ලෙසයි.
එලෙසම නීති කඩකරන්නාවු පුද්ගලයන් සඳහා නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටද පොලීසියෙන් එතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ලලිත් නවරත්න
