නව ව්‍යස්ථාවේ ප්රමුඛ ලක්ෂණය ගැන රවී කියයි
බෞද්ධාගමට මුල් තැන දී අනෙක් ආගම් වලට සම තැන් දී කටයුතු කිරීම යෝජිත නව ව්‍යවස්ථාවේ ප්රමුඛ ලක්ෂණය වන්නේ යැයි විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඊයේ (14) පෙරවරුවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවැසීය.
"අපිට අවශ්‍ය වන්නේ සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම ජන කොට්ඨාශයකටම මගේ රට කියලා කියන්න පුළුවන් ආකාරයේ රටක් හදන්න. ඒ සඳහා තමයි අපි නව ව්‍යවස්තා කෙටුම්පතක් ඉදිරිපත් කළේ.අපි බෞද්ධ රටක්.
ඒ නිසා බෞද්ධාගමට මුල් තැන දීලා, අනෙක් සියළුම ආගම් වලට සම තැන් දීලා කටයුතු කිරීම තමයි අපේ අළුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්රමුඛ ලක්ෂණය. ඒක තුළින් අපි හිතනවා මෙතෙක් රට තුළ ඇතිවී තිබෙන අසමගිතාවය තුරන් කරන්න හැකි වෙයි කියලා. අද ඒ ගමන තමයි අපි යන්න අවශ්‍ය වන්නේ"
popular news
-
Champa Tuesday, 15 January 2019 12:52 PM
බුද්ධාගමට මේ ආණ්ඩුව මුල් තැන දුන්නේ නමට විතරයි. ඇත්තම කියනවා නම් බුද්ධාගමට කවදාවත් මුල් තැන දුන්නේ නැහැ. කරේ දේශපාලකයෝ චන්ද ලං වෙනකොට චන්ද බලාගෙන පන්සල් වලට යන එක විතරයි. මහා නායක හාමුදුරුවරු හම්බ වෙනවා හැබැයි කවදාවත් මහනායක හාමුදුරුවරු කියපු දේවල් කලේ නැහැ. දැන් මේකෙන් හදන්නේ බොරුවට මුද්ධාගමට මුල තැන දෙනවා කියලා, අනිත් ආගම වලට සම තැන දිය යුතුයි කියලා ව්‍යවස්ථාවට ඇතුල් කලර දෙමල මුස්ලිම් මිනිස්සු වැඩිපුර ඉන්න උතුරු නැගෙනහිර තියෙන පන්සල් බුදු පිළිම සංහාරයක් කරන්න. ඉතිහාසයේ ඕනේ තරම් සාධක තියෙනව උතුරු නැගෙනහිර මුලින්ම හිටියේ සිංහලයෝ කියලා. තිබුනේ බෞද්ධ විහාර කියල. ඉතා ඈත අතීතයේ මුහුදු මංකොල්ලකාරයෝ වැඩිපුරම ඇවිල්ල තියෙන්නේ උතුරට සහ නැගෙනහිරට.ඒ ආවේ මුතු මැණික් සහ ඉතා වටින බෞද්ධ භාණ්ඩ (දැන් අපි කියනව පුරා වස්තු කියල) ඒවා මංකොල්ල කන්න. පුරාණයේ හිටපු රජවර බොහෝ වටින දේවල් පන්සල් වලට පූජා කරලා තියෙනවා. අපේ ඉතිහාසයේ පැරණිම නටබුන් තියෙන්නේ උතුරු නැගෙනහිර සහ අනුරාධපුර පොළොන්නරු නගර වල. බුද්ධාගමට විතරක් නෙමෙයි හින්දු ඉස්ලම අගමැ වලටත් අද මුල් තැන තියෙනව. එහෙම කොට ව්‍යවස්ථාවට ඇතුල් කරන්න දෙයක් නැහැ.
Reply : 0 29
Champa Tuesday, 15 January 2019 01:00 PM
යූඑන්පී කාරයෝ ව්‍යවස්ථාව වෙනස් කරලා උතුරු නැගෙනහිර වෙන් කරන්න යනව. ඊට සමගාමීව ඒක කෙරෙන්නත් ඉස්සෙල්ල සිංහල බෞද්ධ විරෝධී ජනාධිපති උතුරුට ජාතිවාදී ආණ්ඩුකාරයෙක් දාල ෆෙඩරල් ව්‍යවස්ථාවට ඉස්සෙල්ල ප්‍රයෝගිකව උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් ආණ්ඩුකාරයෝ දෙන්නෙක්ට දුන්න. අද මහින්දලාගේ ගම්මන්පිලලගේ විමල් වීරවංසලගේ කටවල් වහල තියෙනවා. ඒගොල්ලෝ එක්ක හිටපු හාමුදුරුවරුත් කට වාන් ඉන්නවා. ජනාධිපති කරන සිංහල බෞද්ධ විරෝධී දේවල් ගැන කතා කරන්නේ නැහැ. තනිකරම සිරිසේනගේ ප්‍රාණ ඇපකාරයො වෙලා තියෙනව. මේක ඉතාම සූක්ෂමව හොඳට සැලසුම් කරපු කුමන්ත්‍රණයක්. අද සිංහලය වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැහැ. හාමුදුරුවරුන්ගේත් කටවල් වහල. ඔක්තෝබර් 26 ට ඉස්සර මෙහෙම කරා නම් කොහොමද? රනිල්ට වඩා ඉතා දරුණු විදිහට සිරිසේන රට පාවල දෙනවා. කාටවත් කතා කරන්න බැහැ ඒ මොකොද දැන් මහින්දලා සිරිසේනගේ වහල්ලු වෙලා නිසා. සිරිසේනට විරුද්ධව කතා කලොත් මන්ත්රිකම් 50ක්ද කොහෙද නැති වෙනවා. ඔන්න සිරිසේනගේ ඇම කාල ලැබුණු දේ.
Reply : 0 22
rocky Tuesday, 15 January 2019 01:20 PM
නව ව්‍යවස්ථාවක් සූදානම් කරලා නැත් නම් ඕක ගැන නිකමටවත් කතා කරන්න එපා මහත්තයෝ. "මෙන්න ෆෙඩරල් දෙන්න හදනවෝ! මෙන්න රට බෙදන්න හදනවෝ මෙන්න කොටින්ට රට පාවා දෙනෝ!! සිංහලයා මලෝ !!" කියලා බෙරිහන් දෙන උන් දැනටමත් පොහොට්ටු නිකායේ හාමුදුරු වරුන්ව රවට්ටගන ඉවරයි. ඊ ලඟට මේ හාමුදුරුවරු, අලුත් ව්‍යවස්ථාව ඇස් දෙකින් දැක්ක වගේ පච බන දෙසනා කරන්න පටන් ගන්නවා ෂුවර්! ඉස්සෙල්ලාම මහජනතාවට බොරු කියා ඔවුන් අවුස්සන පුද්ගලයන්ට විරුද්ධව නීත්‍යානුකුල පියවරක් ගන්න. දිවයින පත්තරේ මේ ගැන පලකලේ බොරුවක් නම් එකට එරෙහිව උසාවියේ නඩු පවරන්න.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 15 January 2019 04:37 PM
අපිට නම් ඔය කියන බුද්ධාගමට ප්රමුඛස්ථානයවත් නව වයවස්ථාවවත් එපා.... පින් සිද්ධ වෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

