නව තානාපතිවරුන් හත් දෙනෙකුට අනුමැතිය
විදේශ තානාපති සේවය සදහා ශ්රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය අද (09) හිමිවිය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී උසස් නිලතල පිළිබද කාරක සභාව අද පස්වරුවේ රැස්විය.
මෙහිදී අහමඩ්.ඒ ජවාඩ් මහතා සෞදි අරාබියේ ශ්රි ලංකා තානාපතිවරයා ලෙසද අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්රි ලංකා තානාපතිවරිය ලෙසද දර්ශන පෙරේරා මහතා ස්වීඩනයේ ශ්රි ලංකා තානාපතිවරයා ලෙසද එම් .කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්රි ලංකා තානාපතිවරයා ලෙසද පත්වීමට අදාල අනුමැතිය මෙහිදී හිමිවිය.
තවද එස්.ඩී.කේ සේමසිංහ මෙනවිය පෝලන්තයේ ශ්රි ලංකා තානාපතිවරිය ලෙසද සී.ඒ චාමින්ද .අයි කොලොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්රි ලංකා තානාපතිවරිය ලෙසද එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්රි ලංකා මහකොමසාරිස්වරයා ලෙසද පත්වීමට අදාල අනුමැතිය ද මෙහිදී ලැබිණි.
චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, රමේශ් පතිරණ, සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ, විදුර වික්රමනායක, අනුර ප්රියදර්ශන යාපා සහ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
-
S.sirisena Tuesday, 10 November 2020 06:35 AM
Matath mokakhari job kattak ganna berida embassy ekaka.?☺padi nethi unata kamak neha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

