රටවල් කීපයක ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරොනා අසාදිතයින් කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණිම වැලැක්වීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශ සමග එක්ව කටුනායක ගුවන් තොටුපළේ නව කොරොනා අසාදිතයින් හඳුනා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.
චීනය , තායිලන්තය ඇතුළු රටවල් ගණනාවක මේ වනවිට නව කොරොනා අසාදනය පැතිර යමින් පවති. කටුනායක ගුවන් තොටුපළේ මෙම සැකකටයුතු අසාදිතයන් හඳුනා ගැනීම සදහා තර්මල් ස්කෑනර් යන්ත්‍ර 3ක් මේ වන විටත් ස්ථාපනය කර ඇති බවත් චීනය, තායිලන්තය වැනි රටවල් වලින් පැමිණෙන සියලුම ගුවන් මගින් මෙමඟින් පරික්ෂාවට ලක් කරන බවත් ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ප්‍රසන්න රණතුංග මහතා අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ ස්ථාපිත කර තිබෙන මෙම තර්මල් ස්කෑනර් යන්ත්‍ර 03 පරික්ෂාවට ලක් කළ අතර මෙවැනි තත්ත්වයක දී ගුවන් තොටුපළේ සේවකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දුන්නේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක නිරෝධායන එස්.එම්.ආනොර්ල්ඩ් මහතා පවසන්නේ ඊයේ (21)රාත්‍රියේ චීනයේ සිට දිවයිනට පැමිණි ගුවන් යානයක සිට නව කොරොනා අසාදිතයෙකු යැයි සැක කළ වයස අවුරුදු 03ක කුඩා දරුවෙකු කොළඹ IDH උණ රෝහලට ඇතුළත් කළ බවයි. පසුව එම දරුවා නව කොරොනා අසාදිතයෙකු නොවන බව පරීක්ෂණ වලින් තහවුරු වුවේ යැයි ආර්නෝල්ඩ් මහතා සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදි ඇති නිර්ණායක අනුව ගුවන් තොටුපළ පරිශ්‍රයේ කොරොනා අසාදිතයින් හඳුනා ගැනීමේ පරික්ෂණ සිදුවන බව ද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.