තමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් , තමන් එක්සත් ජාතික පක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බවත් හිටපු අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය.
ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුළ මතභේද පැවැතියත් පක්ෂය කඩා වෙන්කිරීමෙන් සිදුවන්නේ රාජපක්ෂ කඳවුර ශක්තිමත් වීම බවත් ඔහු පැවැසීය.
නවින් දිසානායක මහතා මේ බව පැවැසුවේ ඊයේ (25) ඔහුගේ මැතිවරණ කාර්යාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
රටේ නායකයින් ගණනාවක් බිහි කළ ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැදි සිටින බවත් , එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සහ කරන බවත් , එය කිසිසේත් ඔවුන්ට සිදු කළ නොහැකි බවත් නවින් දිසානායක මහතා පැවැසීය.