නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ගණන ඉහළට
- 6 07 2021
- 09:24
- {{hitsCtrl.values.hits}} views
- ..
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 72ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත ගණන 7702 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩිදුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසුගිය දිනවලදි කරන ලද පි. සි. ආර්. පරික්ෂ වාර්ථා කොටසක් ලැබිමත් සමග කොටගල, නුවරඑළිය, රාගල, කොත්මලේ යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් මෙම නව ආසාදිතයන් හමුව ඇති බවත්ය.
මෙසේ හමුවු නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයන්ට ලක් කර ඔවුන් සදහා පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තවදුරටත් පවසන ලදි.
චන්ද්‍ර සෙල්ලහේවා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
