නාවික බුද්ධි තොරතුරකින් ගිනිඅවි හා පතොරම් සොයා ගනියි
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ 4 කනුව ප්රදේශයේ දී ගිනිඅවි පතොරම් සහ කඩු ,කිනිසි සමග සැකකරුවකු නාවික හමුදා බුද්ධි තොරතුරකින් අද 24 අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ජීව පතොරම් තුනක් හා හිස් පතොරම් කොපු 113 ක් කඩුවක් , කිනිස්සක් හා ගිනිඅවි සැකිල්ලක් ඇතුළු දෑ බව නාවික හමුදාව කියයි.
අදාල ගිනිඅවි හා අනිකුත් දෑ පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කනුව ප්රදේශයේ පිහිටි ඉස්සන් ගොවිපලක් තුල පිහිටි දැවැන්ත පළු ගසක බෙනයක් තුල මෙම නිතිවිරෝධි දෑ තිබු බව නාවික හමුදා බුද්ධි අංශය කියයි.
මෙම ගිනිඅවි ඇතුළු අනිකුත් දෑ සමග අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 49 ක අයකු බවත් කියයි.
අදාල සැකකරු කුමන කටයුත්තක් සදහා මෙම ගිනිඅවි සගවා තබන්නට ඇත්දැයි විමර්ශන ආරම්භ කර තිබේ .
වයඹ නාවික ආඥාපති රිය අද්මිරාල් ඩි.කේ.පී. දසනායක මහතාගේ උපදෙස් මත පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ අණ දෙන නිලධාරි කමාන්ඩර් ඊ.එම් .ආර් .සිල්වා මහතාගේ මෙහෙය විමේන් නාවික හමුදා බුද්ධි අංශ සමග නාවික හමුදා විශේෂ වැටලිම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබුනී .
අත්අඩංගුවට ගත් සැකකරු හා ගිනි අවි පතොරම් , ඇතුළු දෑ පුත්තලම පොලිසියට භාර දිමට කටයුතු කර තිබුනී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                