ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පැමිණෙන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් එම මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසට සඳහන් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
“ජනාධිපතිවරණයේදී ප්‍රතිඵල කලින් නිකුත් කරන්න හැදුවොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. නිල නොවන ප්‍රතිඵල නිකුත් කරන්න බෑ.
එහෙම වුණොත් අපිට සිදුවෙනවා වඩාත් හොඳින් හැසිරෙන නිල මාධ්‍ය වෙත පමණක් ප්‍රතිඵල නිකුත් කරන්න.
නැත්නම් අපිට පුළුවන් ඉස්සර වගේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරනවා එතනින් ගන්න කියලා කියන්න.”
