නල්ලතන්නියෙන් ශ්‍රී පාදයට ගිය අය ජල බෝතල් ලක්ෂ 15 ක් දාලා ඇවිත්
මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මේ දක්වා මාස තුන හමාරක කාලය තුළ නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් පැමිණි වන්දනාකරුවන් පමණක් පරිසරයට මුදා හැර ඇති දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය ලක්ෂ 15 කට අධික බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ පරිසර නිලධාරිණී ආර්.එල්.සමරනායක මහත්මිය පැවසුවාය.
නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ඊයේ (07දාදා) පැවති ශ්‍රමදාන ව්‍යාපාරයකට සහභාගි වෙමින් ඇය මේ බව පැවැසුවාය.
“අති සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රීපාද රක්ෂිතයේ ඇති වටිනාකම හා මතු පරපුර වෙනුවෙන් එය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම සිට මාධ්‍ය මගින් වන්දනා කරුවන් කොතෙකුත් දැනුවත් කරත් බොහෝ වන්දනාකරුවන් ඉතා අකාරුණික ලෙස පරිසර හිතකාමී නොවන අයුරින් කටයුතු කිරීම නිසා ශ්‍රීපාද මාර්ගය දෙපස හා රක්ෂිතය තුළ තිබී මෙතරම් විශාල දිරා නොයන ප්ලාස්ටික් බෝතල් තොගයක් සොයා ගැනීමට වුණා.”
ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

popular news
-
naveen Friday, 20 March 2020 08:07 AM
Wattala curfew which time finish.???????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

