නිරුවත් ඡායාරූප පෙන්වා මුහුණු පොතෙන් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට
කාන්තාවක් විසින් මුහුණු පොත හරහා ව්‍යාපාරිකයෙක් සමඟ සම්බන්ධතාවක් පවත්වා නිරුවත් විඩියෝ සංවාද වල යෙදෙමින් හා නිරුවත් ඡායාරූප ලබාගෙන එම ව්‍යාපාරිකයාගේද නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන එම කාන්තාව වසින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් බිය ගන්වා බලෙන් මුදල් ලබා ගැනිමක් සිදුව ඇති පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් විමර්ශනයක් ආරම්භ කර එහිදි සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය එක්ව මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකිදිම මේ පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් මුදල් රු.2,440,000 මුදලක් බලෙන් ලබාගෙන ඇති බවට අනාවරණය වි ඇත.
සැකකරු කටුකුරුන්ද මොරටුව පදිංචි මුතුතන්ත්‍රිගේ සුමීර රුක්ෂාන් (28) හා සැකකාරිය කඩුගම්මුල්ල රත්නපුර පදිංචි සුමුදු කෞෂල්‍යා (28) යන අයයි.
මෙම සැකකරු හා සැකකාරිය ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 4 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

