නිරෝධායන නීති උල්ලංඝනය කළ තායිලන්ත ජාතිකයන් 8ක් අත්අඩංගුවට
- 8 03 2021
- 10:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි තායිලන්ත ජාතිකයන් 8ක් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ශාන්ත අන්තෝනි මාවත කොළඹ 03 ලිපිනයේ රැදී සිටි මෙම තායිලන්ත ජාතිකයන් අට දෙනා අත්අඩංගුවට ගෙන තිබේ
කාන්තාවන් 3ක් හා පිරිමි පුද්ගලයන් 5ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද දිනයේදි කොටුව මෙහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
