නයි ගහලා මැරුණම රුක්කත්තන පෙට්ටියේ දාපුවාම පණ එනවා
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණිද සිල්වා මහතා වරක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට “ අප්පච්චි මලා” යනුවෙන් ප්‍රකාශ කිරීමත් ඔහුට දැඩි විවේචනයක් එල්ල විය.
කෙසේ වෙතත් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ඔහුට පැරණි අමාත්‍යධුරයම හිමිවිය.
මේ අතර අමාත්‍යවරයා ඊයේ මහනුරවට ගොස් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අතීතයේ කළ ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරිමක් කළේය.
“ඒකාබද්ධ විපක්ෂයේ කවුරුවත් මාව විවේචනය කළේ නෑ. කිසිම දවසක පාර්ලිමේන්තුවේදී. ඔය වේදිකාවල බනිනවා ඒවා ඉතින් අපිත් කරනවානේ. මමත් අප්පච්චි මලා කිව්වේ.
ඒ වා වේදිකා කතා. සමහර වෙලාවට නයි ගහලා මැරුණම රුක්කත්තන පෙට්ටියේ දානවානේ. මැරුණත් පණ එන්න පුළුවන්. අහලා තියෙනවද ඒක. රුක්කතන පෙට්ටියේ දාපුවාම ආයේ පණ එනවා.”

-
Lion Friday, 02 November 2018 10:35 AM
Kanagatui මේවගේ කුණුගොඩවල් නේ මේ රට පාලනය කරන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
