නියමිත පරිදි අප්‍රේල් 25 වෙනිදා මැතිවරණය පැවැත්විමේ හැකියාවක් තියෙනවා - විමල්
කඩිනමින් කෝවිඩ් -19 පාලනය කරගනිමින් නියමිත පරිදි අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින බවට තමන් විශ්වාස කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ ඊයේ (15දා) පැවති කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන නිදහස් පෙරමුණ සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීමට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන නිදහස් පෙරමුණ සන්ධානයෙන් නාමයෝජනා අත්සන් කිරීම සිදු කෙරුණා. රටේ පවතින තත්ත්වය අනුව මැතිවරණ ප්‍රචාරන කටයුතු යම්තාක් දුරකට සීමා කරලා තියෙන්නේ. ඒ නමුත් ඉතාම ඉක්මනින් මේ තත්ත්වය යහපත් අතට පෙරළා ගැනීමට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැනට නියම කරලා තියෙන විදියටම මැතිවරණ කටයුතු ඉදිරියට ගෙනියනවා. ජනාධිපතිතුමා ප්රමුඛ මෙහෙයුම් කමිටුව නිතිපතා රැස්වෙනවා. රටේ තත්ත්වය දවසින් දවස වෙන වෙනම සමාලෝචනය කරනවා. ඒ තත්ත්වය පැතිරෙන එක වළක්වන්න රජය විසින් සෑම පියවරක්ම ගෙන තිබෙනවා” යනුවෙන් පවසා සිටියේය.

popular news
-
batangala Monday, 16 March 2020 03:13 PM
මේ විස්වාශය මොන සාධකයක් මත රැඳුනු එකක්ද කියා ඇහුවොත් නම් ටිකක් හිරවෙවී නේද ? මේක හොඳින් නැත්නම් නරකින් හරි තියන්න කැසකවන එකක්ද?
Reply : 0 1
Champa Monday, 16 March 2020 11:07 PM
මොනවාද මේ කියන්නේ? මිනිස්සු කොරෝන වයිරසය පරද්දන්න ඕනේ ඕගොල්ලන්ට ගෝඨාභිශේකය කරන්න පාර හදන්නද? එහම නැත්නම් මුළු ලෝකයම කම්පාවෙන මේ වසංගතයෙන් මේ රටේ මිනිස්සු ආරක්ෂා කරගන්නද? ජනාධිපති වගේමයි ගෝඨාභිශේක ටීම් එකත්. අන්තිම වගකීම් විරහිතයි කතා විලාශය. කොරෝනා රෝගීන් 1 ඉඳන් 3 දක්වා සහ ඊට පස්සේ එකපාරට 28 දක්වා දැන් වැඩි වෙලා තියෙනව සතියක් ඇතුලත. ජනාධිපතිටයි ආමතිවරුන්ටයි වගේ වගක් නැහැ. මුළු රටම කොරෝන උණට බය වෙත්දී ආණ්ඩුවට චන්ද උණ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

