නැත්ත වෙනුවට ඇත්ත තීන්දුවට එරෙහිව විමල් ඉහළ අධිකරණයට
අමිත් මධුරංග නැත්ත වෙනුවට ඇත්ත කෘතිය සම්බන්ධව කොළඹ වාණිජ මහාධිකරණය ලබාදන් තින්දුවට එරෙහිව ඉහළ අධිකරණයට යන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (16දා) පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ලබාදෙන ලෙස නියෝග කර ඇති රුපියල් ලක්ෂදහය ලබා නොදෙන බවත්, ජ.වි.පෙ. පාක්ෂිකයා සතුටු කිරීමේ අදහසින් එම මුදල රුපියල් මිලියන 10ක් ලෙස නීතිඥ සුනිල් වටගල මහතා පවසා තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කරක සභාවට 2005දී ඉදිරිපත් කළ ඇතැම් ලේඛන තමන් රචිත 'නැත්ත වෙනුවට ඇත්ත' කෘතියට ඇතුළත් කළේ පාඨකයාගේ දැන ගැනීම සඳහා බවත්, එහිදී තමන් විසින් අත්හල ඇතැම් කරුණු ජ.වි.පෙ. විසින් අධිකරණයේදී හෙළිදරව් කිරීමෙන් එම පක්ෂයේ නායකයන් වගකීම් විරහිතව කටයුතු කර තිබෙන බවත්ය.

popular news
-
Nandana Wednesday, 16 January 2019 08:43 PM
පඩ show දාන්න එපා ,නීතියට ගරු කරපන්.
Reply : 0 0
Champa Thursday, 17 January 2019 02:33 AM
ජෙප්පන්ට ගණන් බැහැ. මිලියන 1 = ලක්ෂ 100 කියලා ගණන් හදල. පව් වැඩේ කෝටිය ලක්ෂ 10 මලු 10කට දාල බෙදා ගන්න හිතන්න ඇති.
Reply : 0 0
Saththaya Thursday, 17 January 2019 07:50 AM
නීතිඥ ගම්මන්පිල මයා ඉන්නකල් නීති උපදෙස් වලින් අඩුපාඩුවක් නැති බව විශ්වාසයි . .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

