නඩු කටයුතු සිදු වන ආකාරය පිළිබඳව විශේෂ චක්‍රලේඛයක්
කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්ණායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ.
වාණිජ මහා අධිකරණ, මහා අධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල අද (19) සිට 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර චක්‍රලේඛය නිකුත් කර ඇත.
හදිසි සහ අත්‍යාවශ්‍යය යැයි විනිසුරු විසින් තීරණය කරනු ලබන නඩු හැර කිසිඳු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවන ලෙස දැනුම් දී තිබේ.
යොදාගත් සියලු නඩු වෙනත් දිනවල කැඳවන අතර ඇප ලබාගැනීම් සඳහා වන ඇප ඉල්ලීම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කෙරේ. නීතිඥවරයෙක් ඉතා හදිසි අවශ්‍යතාවක් හේතුවෙන් නඩුවක් කැඳවීමට ඉල්ලීමක් සිදු කරන්නේ නම් පෙ.ව. 10.00 ට පෙර මෝසමකින් කරන ඉල්ලීම් පමණක් සලකා බැලෙන බව ද කොමිසම දැනුම් දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

