නිකන් බොරු චෝදනා මට ඕනි නෑ - අකිල පිළිතුරු දෙයි
පාසල් නිල ඇඳුම් වව්චරය හඳුන්වා දුන්නේ රෙදි මිලදී ගැනීමේදී තිබුණු දැවැන්ත දූෂණය වංචාව නතර කිරීමට බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
වවුචර් ක්‍රමය පිළිබඳව ඇතැම් දේශපාලනඥයින් විසින් තමන්ට එල්ල කරනු ලබන විවේචනවලට පිළිතුරු දිමක් ලෙස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඇහැටුමුල්ල මුස්ලිම් මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
"සාමාන්‍යයෙන් කොමිස් ගහන දේශපාලනඥයෙක් නම් රුපියල් කෝටි 20ක් 25ක් අරගෙන පරණ ගිය ක්‍රමයට රෙදි මුදලාලිලා තුන් තහර දෙනෙක් එක්ක වැඩේ කරගෙන යන්න තිබ්බා.
මේ වවුචරය නිකන් දෙන්න බෑ. ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව තමයි ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඒකට ෆොටෝ දැම්මත් නැතත් ෆෝ කලර් තමයි ගහන්නේ. ඒක නිසා මේ ගැන බොරු තර්ක ගේන්න එපා." යනුවෙන් ඔහු පැවසීය.

popular news
-
Champa Sunday, 03 March 2019 03:06 PM
මහජන මුදලින් මහජනයාටම දෙන වව්චරයට තමන්ගේ පින්තූරේ දැම්මේ මොකොද? අනිත් එක වව්චරයකට 4 colours ඕනේ කියලා කවුද කියන්නේ? පොත් වලටත් පින්තූර දාගෙන නේද? ලැජ්ජයි. මුදලාලිලාගෙන් රෙදි ගන්න වුනේ ආණ්ඩුවට රෙදි නැති නිසා. ලංකාවේ රෙදි කරමාන්තය නැති කරලා දාපු එකට යූඑන්පී ශ්‍රී ලංකා පක්ෂ දෙකම වග කියන්න ඕනේ. එහෙම තිබුන නම් ආණ්ඩුවට තිබුන මෙහෙම කරන්න. කොහොමද? ඒක කියන්නේ නැහැ. ඉස්සර නම් ලියනවා දැන් ලියන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ගෙදර යන්න ඉන්නේ. ඒ හින්ද තවත් මහජන මුදල් නාස්ති කරන වැඩ කරන්න එපා.
Reply : 0 0
ranjith Sunday, 03 March 2019 06:25 PM
වුචර දුන්නහම කොමිස් Gahanna බේ කලින් බල රෙදි දීල හොදට කොමිස්ගෙහුවකොමිස්කාක්කෝතමි මේවට ගරහන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

