ධිවර අමාත්‍යාංශයට අයත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව ඇති ධීවර වරායන් 22තුළ පෞද්ගලික ආයෝජකයින්ට සිය ආයෝජන ආරම්භ කිරීම සදහා අයදුම්පත් කැදවා ඔවුන්ගේ 591ක අතුරින් තෝරාගත් ආයෝජනකයින් 09 දෙනෙකුට ආයෝජන අභිලාෂ පත්‍ර ප්‍රධානය කිරීම අද (30දා) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හා දික්ඕවිට ධීවර වරායේ ටින්මාළු කර්මාන්ත ශාලාවක්ද, අනෙකුත් වරායන් වල ශීතාගාර හතරක් ඉදිකිරීමටද, කවත් ආයතන 02කට වෙනත් සේවාවන් සැපයීමටද අදාල අභිලාෂ පත්‍ර ප්‍රධානය කිරීම සිදු කරන ලදි.
මෙහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය සදහා පෞද්ගලික ආයෝජන ඉතා අවශ්‍ය බවත් ඒ අනුව මෙම අභිලාෂපත්ර ලබා ගන්නා ආයෝජකයින් හැකි කඩිනමින් සිය ව්‍යාපෘති ආරම්භ කල යුතු බවත්ය. එසේ නොවුනහොත් එම අභිලාෂපත්ර අහෝසි කර වෙනත් ආයෝජකයින්ට ලබා දීම සිදුවන බවත් එසේම සංචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමග ධීවර වරායන් වල සංචාරක කර්මාන්තය දියුණු කිරීම කිරීම සදහා ආකර්ශණය ඇතිවන ලෙස සංවර්ධනය කල යුතු බවද ඒ සදහා ද ප්රායොප්රකාශ කළේය.
