ධාවනය වෙමින් තිබූ ලංගම බසයට ගලක් පෙරළි මගියෙක්
හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට කදු මුදුනේ සිට පෙරලී ආ ගලක් වැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්රාදේශිය රෝහල වෙත රැගෙන යන විට මිය ගොස් ඇතිබව පොල්පිටිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
(28) දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල පොලිස් මුර පොල අසලදීය.බස් රථයඑට ගල පෙරලී බිමට පතිත වීමත් සමග අසුනක වාඩි වී සිටි මගියා බරපතල තුවාල ලැබීමෙන් පසු පොල්පිටිය කළුගල පොලිස් නිළධාරින් සහ බස් රථයේ මගීන් එක්ව තුවාලකරු රෝහල කරා රැගෙන යන අතරතුර මිය ගොස් ඇත.
හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති අතර, පොල්පිටිය ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගල පෙරලී පහළට බස් රථයට පෙරලෙන්නට ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිසිය කියා සිටියේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ ආගරපතන ප්රදේශයේ පදිංචි මුත්තන් සුදර්ශන් නැමති 35 හැවිරිදි අයෙකු බව හදුනාගෙන ඇත.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
