ධනංජයගේ පියා ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
- 21 03 2021
- 12:43
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වන රන්ජන් සිල්වා මහතාගේ ඝාතනයේ සැකකරුවෙකු බව කියන රත්මලාන සුද්දා නමැති අයෙකු හෙරොයින් හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 650 ක් සමඟ අද (21) උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
ලැබුණ තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් කරන පොලිසිය සුද්දාට එරෙහිව මිනීමැරුම් මනුෂ්‍ය ඝාතන සම්බන්ධ නඩු කිහිපයක් තිබෙන බව වැඩිදුරටත් පැවසීය.
අඟුලාන දෙවට පාර ප්‍රදේශයේ පාලම අසල දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු බන්ධනාගාර ගතව සිට එළියට පැමිණ වැඩි දවසක් නොවන බවද පොලිසිය පැවැසීය.
මෙම සැකකරු අයිස් නමැති මත්ද්‍රව්‍යයට අධිකව ඇබ්බැහි වූවෙක් බව ද පොලීසිය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
