අයකර ගැනීමට තිබෙන රුපියල් බිලියන 943 වූ හිඟ බදු මුදල් පිළිබඳවද සම්පූර්ණ වාර්තාවක් රජයේ ගිණුම් කාරක සභාව වෙත ලබා දෙන ලෙසද එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ඒ එම දෙපාර්තමේන්තුව කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය. මෙහිදී වර්තමානය වනවිට වර්ගීකරණයන් කිහිපයක් ඔස්සේ අය කරන බදු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසද සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.