දේශපාලඥයින් ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා - මල්වතු මහ නාහිමි
දේශපාලනඥයින් පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය වර්තමානය වන විට බොහෝ දුරට නැතිවී ගොස් තිබෙන බවත් අද රට පවතින්නේ යහපත් මට්ටමක නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.
සියලු දෙනා පක්ෂ බේද නොමැතිව රට ගොඩ නැගීම සඳහා එකතු විය යුතු බවද උන්වහන්සේ සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද (06දා පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේගේ ආශීර්වාදය ලබාගත් අවස්ථාවේදීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතා ගොඩ නැගුවේ සාමාන්‍යය ජනතාව වෙනුවෙන්. මෙම පක්ෂය රැක ගැනීම පක්ෂයේ සැමගේ වගකීමක්. පක්ෂය ශක්තිමත් කිරීම සඳහා විසිරී සිටින සියලු දෙනා එකට එකතු කළ යුතුයි. වත්මන් මහ ලේකම්වරයාට එම කාර්යය අභියෝගයක්ත පක්ෂය හැර ගොස් අලුතින් පක්ෂයක් හදාගත් කණ්ඩායම යළි පක්ෂයට එකතු වේද යන්න සැක සහිතයි.” යැයි උන්වහන්සේ වැඩිදුරටත් වදාළහ.
චමිල් රූපසිංහ

popular news
-
සෙනෙවි Sunday, 06 January 2019 05:40 PM
දේශපාලනඥයින් ගැන පමණක් නොව දේශපාලන පක්ෂවලට ගැති කම් කරන නායක හාමුදුරුවන් ගැනත් ජනතාවට විශ්වාසයක් නෑ
Reply : 0 170
Lion Sunday, 06 January 2019 07:48 PM
අපේ හාමුදුරුවනේ ඔය පව්කාරයන්ගේ අත්වල පිරිත් නුඋල් ගැට ගහන්න එපා ,
Reply : 0 88
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
