දේවගැති ජෙරොම්ගේ ගිණුම්වලට රු.කෝටි 1226ක් ඇවිත්
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇතැයි දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කටුනායක මිරැකල් ඩෝම් ආයතනයේ තොරතුරු තාක්ෂණ නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඊයේ 26 වැඩිදුරටත් නියම කළේය.
කටුනායක මිරැකල් ඩෝම් ආයතනයේ සී.සී.ටීවී කමරා 267 භාරව සිටින බව කියන ඔහු පසුගිය ජුනි මස 18 වැනිදා සිට 25 වානිදා දක්වා එම ආයතනයේ සීසීටීවී කැමරා වලට අදාල දර්ශන ලබා නොදුන් බව කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
ජුනි 18 සිට 25 දක්වා එම ආයතනයේ දර්ශන ලබා නොදුන් බව කියමින් රහස් පොලිසිය මීට පෙර අවස්ථාවේ කළ ඉල්ලීමකට අනුව අධිකරණය නිකුත් කළ නොතිසි මත කටුනායක මිරැකල් ඩෝම් ආයතනයේ තොරතුරු තාක්ෂණ නිලධාරියා අධිකරණයට පෙනී සිටීයෙය
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය
සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී සමඟ සැකකාර දේවගැතිවරයාට සහ ඔහුට සම්බන්ධකම් ඇති අයගේ ගිණුම්වලට රුපියල් කෝටි 1226 ක මුදලක් ලැබී ඇතැයි දැනුම දුන්නේය.
සැකකාර දේවගැතිවරයාගේ පෞද්ගලික ගිණුම්, ඔහුට අයත් පෞද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහුගේ යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳට අයත් ගිණුම් වලට මෙලෙස මුදල් ලැබී ඇතැයි දැනුම් දුන් රහස් පොලිසිය මෙම බැංකු ගිණුම් රජයේ සහ පෞද්ගලික බැංකු වලට අයත් බව ද බවද විමර්ශනවලදී හෙළිවූ වේ යැයි දැනුම් දුන්නේය.
අධිකරණ ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කළ සෝදිසියකදි ගිණුම් සම්බන්ධයෙන් අදාළ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූ බවත් පසුගිය 07වැනිදා සිට 12වැනිදා දක්වා කළ විමර්ශන යකදි මෙම තොරතුරු හෙළි වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
කටුනායක මිරැකල් ඩෝම් ආයතනයේ සී.සී.ටීවී 267 සවිකර ඇතැයි ද ඒ සඳහා රුපියල් මිලියන 6100ක් වැයකර ඇති බව විමර්ශන මගින් අනාවරණය කරගත් බවද දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූනි මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අතර කාලයේ එම සීසීටීවී දර්ශනලබා දෙමින් එහි සීසීටීවී භාර නිලධාරියා ට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියම කරන්නැයි ඉල්ලීමක් ද කළේය. ඒ සඳහා අවසර දෙමින් අදාළ නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යලි කැඳවීමට ද නියම කළේය.
popular news
-
Demuni Uduwara Thursday, 27 July 2023 04:17 PM
We should be proud of Jerome being foreign exchange earner to the country !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

