දෙවැනි නිවාඩුවටත් කාලය හරි - ගම්මන්පිළ
තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළේය. ඔහුට එරෙහිව කෙසෙල්වත්ත පොලීසියේ ඇති පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
"දෙවැනි නිවාඩුවටත් කාලය හරි" යැයි ඔහු ප්‍රකාශ කළේය. එසේම ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් 10 දෙනෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් ඔහු පැවැසීය.
ප්‍රකාශය දීමට පෙරාතුව මාධ්‍ය අමතමින් ඔහු පැවැසුවේ බෝහේ දුරට තමාව අද හෝ හෙට අත්අඩංගුවට ගනු ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුණි.
කෙසේ වෙතත් තමා ලබාදුන් ප්‍රකාශ නීතිපතිවරයාට යොමුකරනබව පොලිස් නිලධාරීන් පැවැසූ බවත්, තමාව අත්අඩංගුවට ගන්නවානම් කලින් දැනුවත් කරන ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් මන්ත්රීවායරා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
