ශ්‍රී ලංකාවේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය විශාල ලෙස සෘණ අගයක් ගනු ඇති බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.
අද (16දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තත් එය ප්‍රකාශ කිරීමට ප්‍රමාද වූ බවත් ඔහු පැවැසීය.
එසේම වත්මන් කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී වියත්මග නියෝජනය කළ කිසිවෙකුට කැබිනට් අමාත්‍යධුර හිමි වී නොමැති බවද ඔහු සඳහන් කළේය.
වියත්මග සංවිධානය විවිධ අවස්ථාවලදී තොරතුරු තාක්ෂණය පිළිබඳව කථා කළත් ඇමති මණ්ඩලය පත්කිරීමේදී තොරතුරු තාක්ෂණයට අමාත්‍යවරයෙක් පත්කර නොමැති බවද ඔහු පැවැසීය.