දෙනියායට පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමට දැවැන්ත ශක්තියක් වූවන් සමඟ අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (2020.07.11) පස්වරුවේ දෙණියාය නගරයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා -
“පහුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා මහ රෑ වෙනකල් කාර්යාලයේ වැඩ කළා. ඒ වෙලාවේ නිපුන එතන ඉඳගෙන බැසිල් රdජපක්ෂ මහතාට උදව් කළා.
දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට විපක්ෂයක් ආණ්ඩුව එක්ක සටනක් නැහැ. ඒ අයට තියෙන්නේ සිරිකොත ඇල්ලීමේ සටන පමණයි. මොකටද සිරිකොත අල්ලන්න දඟලන අයට ඡන්දෙ දෙන්න යන්නේ. ඡන්දෙ දෙන්න ඕනේ රට හදන්න.
ඒ වගේම දෙණියාය කියන්නේ අධ්‍යාපනයට පාඩම් කරන්න හොඳ පළාතක් හොඳ දේශගුණයක් තිබෙන ප්‍රදේශයක්. දැනටමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දෙණියායට පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් ගේන්න කටයුතු කරනවා කියලා කියන්නේ සතුටින්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සකස් කරමින් තිබෙනවා.”
popular news
-
Champa Saturday, 11 July 2020 11:17 PM
හැබැයි අගමැතිතුමා ඔබ පැරදිච්ච වෙලාවේ ඔය දෙන්නම හිටියේ නැහැ. ඔබට හිටියේ ඩලස්, කාංචන වගේ අය. ඔබ ඔවුන් ගැන නොකිය ඔබේ ඥාතිය ගැන විතරක් කිව්ව එක වැරදියි නේද? මම දැක්ක ඔබ තැනක කියනවා තනි තනිව මනාප ඉල්ලන එකට ඔබ විරුද්ධයි එහෙම කරන්න එපා කියල. නමුත් ඔබ දාපු කොන්දේසිය ඔබම වෙනස් කරලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
