දෙකෝටියක අයිස් කටුනායකදී අත්අඩංගුවට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් බඩු කොට්ඨාසයට අනුබද්ධිත ගුදමක් වෙත ගුවන් මගින් එවා තිබූ සැක කටයුතු ගුවන් තැපැල් පෙට්ටියක් විවෘත කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් , ඒ තුළ වූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති මත්ද්‍රව්‍ය පෙති තොගයක් අද (10දා) අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම ගුදම් බඩු ගබඩාව වෙත එවා තිබූ සැක කටයුතු පෙට්ටිය විවෘත කර පරීක්ෂා කළ , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , ඒ තුළ වූ ඇදුම් කීපයක් දැක ගැනීමට හැකි වී තිබේ.
ඒවා මෙම පෙට්ටියෙන් ඉවත් කර , තවදුරටත් මෙම ඇදුම් බහා තිබූ පෙට්ටිය පරීක්ෂා කර බලත්දී , එම පෙට්ටිය අධික බරකින් යුතු බව මෙම නිලධාරීන්ට අනාවරණය වී තිබේ.
පසුව එම පෙට්ටිය සකස් කර තිබූ කාඩ්බෝඩ් ගලවා වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී , එම කාඩ්බෝඩ් අතර සූක්ෂම ලෙස මෙම මෙතැම්පටමයින් තොගය පොලිතීන් බෑග් තුළ අසුරා සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.
මෙම මෙතැම්පටමයින් , එක්ස්ටසි යන නමින් ද හදුන්වන අතර, මෙම පෙට්ටිය තුළ සගවා තිබූ ඇසුරුම් තුළ මෙම මෙතැම්පටමයින් පෙති 5716 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම ගුවන් බඩු බහාලුම කොළඹ , අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට , ත්‍යාගයක් ලෙස ප්‍රංශයේ සිට එවා තිබුණි. පසුව මෙම පුද්ගලයා සොයා ගිය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඔහුව අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කර තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
