පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය.
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සහතිකය සටහන් කොට තිබේ.
ඒ අනුව මෙම පනත් අද සිට බලාත්මක වෙනු ඇත.