දුව දූෂණය කළ පියා සියදිවි හානිකරගනියි
සිය 15 හැවිරිදි දියණිය ලිංගික අපයෝජනය කළ පියෙකු අත්අඩංගුවටගැනීමට පොලීසිය නිවසට යන අවස්ථාවේදී එම සැකකාර පියා නිවසේ ගසක එල්ලී මියගොස් ඇති බව සූරියවැව පොලීසිය කියයි.
අද (06දා) උදෑසන මෙසේ මියගොස් ඇත්තේ දෙයියන්දර යාය, සූරියවැව ලිපිනයේ පදිංචි තිස් හත් හැවිරිදි දෙදරු පියෙකි. නිවසේ ඇති අගහිඟකම් නිසා මොහුගේ බිරිඳ මීට මාස කිපයකට පෙර මැදපෙරදිග රැකියාවක් සඳහා ගොස් ඇති අතර,නිවසේ සිට ඇත්තේ මියගිය පුද්ගලයාගේ මව, අට හැවිරිදි පුත්රයා සහ පහළොස් හැවිරිදි දියණියයි.
වාර්තා වන පරිදි සැකකරු කලක් තිස්සේ සිය දියණිය අපයෝජනයට ලක් කර ඇති අතර, පසුව ඇය මේ පිළිබඳ සිය ඥාතියෙකුට පවසා තිබේ.පසුව සූරියවැව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලකට අනුව අද (06දා) උදෑසන සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදීඔහු නිවසේ අඹගසක එල්ලී සියදිවි නසාගෙන තිබේ.
සූරියවැව ණුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





