ගැටලු කිහිපයක් සඳහා නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.
අදාළ අමාත්‍යවරුන් දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියට මෙම ගැටලු කඩිනමින් විසදීමට උපදෙස් ලබා දී ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව මඟින් කටයුතු සිදු නොකරන බවයි ඔවුන් චෝදනා කර සිටියි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය අරගලයකට යොමු කොට රජය අපහසුතාවයට පත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ හා ඇතැම් පාලනාධිකාරියේ නිලධාරීන්ගේ අභිලාෂය බවයි ඔවුන් පෙන්වා දෙයි.