මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දි ඊයේ (15) දින රාත්රියේ සහ අද (16) දින අලුයම මනම්පිටිය සහ ලක්ෂඋයන ප්රදේශවල දි දුම්රියේ වැදි දෙදෙනෙකු මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය කියයි.
මඩකලපුව සිට කොළඔ බලා ඊයේ (15) දින ධාවනය වු මීනගයා දුම්රියට එදින රාත්රි 10.00 පමණ මනම්පිටිය ආච්චි බෝක්කුව ප්රදේශයෙදි දුම්රියේ වැදි මියගොස් ඇත්තේ මනම්පිටිය මාගංතොට පදිංචි ඩබ් .පි. සිරිල් පෙරේරා නැමැති (64) හැවිරිදි විවාහක අයෙකි.
කොළඹ සිට මඩකලපුව බලා අද (16) අලුයම ධාවනය වෙමින් තිබු මීනගයා දුම්රියේ වැදි මියගොස් ඇත්තේ අංක 643, පළුගස්දමන ලිපිනයේ පදිංචිව සිටි ඩී. එම්. චන්දන කුමාර නැමැති (44) හැවිරිදි විවාහක අයෙකි.
මේ වන විට මියගිය දෙදෙනාගේ මෘතදේහ පොළොන්නරුව මහ රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර ඇත. මෙම මෘත දේහ පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරිමට නියමිතය. මෙම මරණ සිදු විම පිළිබද වැඩිදුර පරික්ෂණ පොළොන්නරුව පොලීසිය පවත්වයි.
