මෙතෙක් කොළඹ සුපිරි පැලැන්තියේ පමණක් ඉලක්ක කරගනිමින් තීන්දු තීරණ ගත් උදවිය ග්‍රාමීය ජනතාවගේ ප්රමුඛ අවශ්‍යතා සඳහා වෙනමම අමාත්‍යාංශ පිහිටුවීම විහිළුවක් ලෙස දකින බවත් ඒ පිළිබඳව වත්මන් රජයේ පුදුම නොවන බවත් මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
නව අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අද (16) මල්වතු අස්ගිරි මහානා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ කොළඹ හතට ගැළපෙන ලෙස පමණක් මෙතෙක් ලබා දුන් අමාත්‍යාංශ වෙනුවට මෙවර ගැමි ජනතාවගේ ද අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන් වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශ පිහිටුවා තිබෙන බවද එහිදී ඒ මහතා අවධාරණය කළේය.
කොටස් වෙළෙඳපොළ සම්බන්ධව කතා කරන සංචාරක ක්ෂේත්රය කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් කතා කළ උදවිය මේ රටේ මැටි කර්මාන්ත කරුවා, ගම්මිරිස් නිෂ්පාදකයා අමතක කළ බවත් වත්මන් ආණ්ඩුව මේ සියලු දෙනාගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය .
අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් ලක්ෂයකට රැකියා ලබාදීමට රජය පියවර ගත් බවත් මැතිවරණ කොමිෂන් සභාව මගින් තාවකාලිකව එම පත්වීම් ක්‍රියාත්මක කිරීම අත්හිටවූ බවත් එම පත්වීම් නැවත ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙන බවත් කී කබ්රාල් මහතා දුප්පත්කම තුරන් කිරීම පිණිස විධිමත් සැලසුම් ගත වැඩපිළිවෙළක් රජයට තිබෙන බව ද අවධාරණය කළේය.
මැතිවරණයේදී ලබාදුන් නොයෙක් පොරොන්දු හමුවේ ජනතාව ශ්‍රී ලංකා ජනාධිපති හා අගමැති ප්රමුඛ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ විශ්වාස කළ හැකි දේවල් පොරොන්දු ලෙස ලබාදුන් නිසා බවත් බොරුවෙන් ජනතාව මුළා කරන ක්‍රමය වෙනුවට ප්‍රතිපත්ති දේශපාලනය දැන් ජනතාව පිළිගෙන තිබෙන බවත් ඒ මහතා පැවසීය.
ෂේන් සෙනවිරත්න
