පොලිස් බුද්ධි අංශයේ අය බව හගවමින් බදුල්ල දුන්හිඳ දියඇල්ල නැරඹිමට එන පෙම්වතුන් බිගන්වා ඔවුන් සතුරන් ආභරණ සහ ජගමම දුරකථන පැහැරගත් බවට සැකකරණ අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය සමත්වඇත.
හාලිඇල ආරාමය පාරේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් සහ 29 හැවිරිදි බිරිඳ මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
දුන්හිඳ ඇල්ල නැරඹිමට පැමිණ අවස්ථාවේ පොලිස් බුද්ධිඅංශයේ සාමාජික බව බවසමින් තමන් සතුව තිබූ රත්තරන් මුද්දක් හා දුරකථන 2ක් පැහැරගත් බවට සිද්ධියට මුහුණ පෑ පෙම්වතුන් දෙදෙනෙක් බදුල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂණ අනුව සැකකරු හා සැකකාරිය අත්ඩංගුවට ගැනීමට සමත්වූ බව පොලිසිය පැවසීය
ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදි හෙලිවූ තොරතුරු අනුව පැහැරගත් රන් මුද්ද බදුල්ල නගරයේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබියදී සොයාගත් බවත් ජංගම දුරකථන දෙක වැල්ලවාය සහ මහියංගණය ප්‍රදේශවල දෙදෙනෙකුට විකුනා තිබියදී සොයාගත් බවත් පොලිසිය සඳහන්කළේය .
මොවුන් මීට පෙරද මෙසේ ස්වර්ණාභරන මුදල් හා ජංගම දුරකථන පැහැරගෙන ඇති නමුත් එම සිද්ධීන්ට මුහුණ පාඇත්තේ බාල වයස්කාර පෙම්වතුන් නිසා බියපත්ව ඔවුන් පොලිසියට පැමිණිලි කර නැති බවද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ගෙවල්බිදුම්දේපල පැහැරගැනීම් වැනි සිද්ධීන් සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම සැකකාර යුවල සොයමින් සිටි බවද පොලිසිය පැවසීය .