දිවයින පුරා පිහිටි ගංගා 103ක පවිත්‍රතාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක්
දිවයින පුරා පිහිටි ගංගා 103ක පවිත්‍රතාව රැකගැනීම වෙනුවෙන් සුවිශේෂි වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේදි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඊයේ ( 03) පැවති පරිසර කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වනවිට මෙරට පවතින ගංගා බොහෝමයක් ඉතා ශීඝ්‍ර ලෙස දූෂණය වෙමින් පවතින බවත් මේ නිසා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගංගා හරහා මුහුදට සහ අවට පරිසරයට එක්වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එබැවින් ගංගා ආරම්භවන ස්ථානවල සිට පවිත්‍රතාවය වෙනුවෙන් අදාල බලධාරීන්ට නිල වශයෙන් අදාල වගකීම් ලබා දෙමින් ජනතාවගේද සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ඉදිරි කාලය තුළ ‘’සුරකිමු ගංගා’’ නමින් ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
popular news
-
Demuni Uduwara Friday, 04 December 2020 08:08 PM
A great job but don't make it a propaganda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

