සබරගමුව, මධ්‍යම, ඌව,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.
උතුරු පළාතට උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.