මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළ යන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වසර නිමාවීමට තවමත් ඇත්තේ දින නමයක කාලයක් පමණි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ මැදපෙරදිග මහ බැංකු හා අනෙකුත් කලාපීය මහ බැංකු හරහා ලැබෙන ස්වැප් පහසුකම් හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට අධික මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබෙනු ඇති බවයි.
බහුපාර්ශ්වීය සංවිධාන වලින් හා රටකින් රටකට ණය ලබාගැනීමට ශ්‍රි ලංකාව කටයුතු කරමින් සිටින බවත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
සංචාරක කර්මාන්තයේ යළි නැගිටීම මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රෙෂණ හරහා 2022 වසරේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය යහපත් තත්ත්වයට පත්වෙනු ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.
ඒසේම මේ වසරේදී විදෙස් ණය ගෙවා දැමූ අයුරින්ම ලබන වසරේදීද ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති විදේශ ණය හා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවීම් කරන බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.