ජනවාරි මස පළමුවැනිදා සිට 6 දා දක්වා වූ කාලය තුළ මේ රටට සංචාරකයන් 16000 අධික ප්‍රමාණයක් පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
ගුවන් තොටුපොළ හරහා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපොළේ එන්නත්කරන මධ්‍යස්ථානයක් පිහිටවූ බවද ඔහු පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (09) පෙරවරුවේ ඩුබායි සංචාරය නිමවා මෙරටට පැමිනි අවස්ථාවේ ගුවන් තොටුපොළේ දී ය.
මෙරටට පැමිණෙන එන්නත් මාත්‍රාවක් ලබා ගත් අය සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවද, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් අය සඳහා බූස්ටර් එන්නත ද මෙහිදී ලබා ගත හැකිය.
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ මගින් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ලංකාවට හැකි වූ අතර බිද වැටුනු සංචාරක ව්‍යාපාරයේ ක්රමානුකූල නැගී සිටීමක් දක්නට ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.