දිවයින පුරා ඊයේ (24) සිදු කෙරුණු මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට අදාළ මෙහෙයුම්වලදී 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව අද (25) දිනයේ ද එම මෙහෙයුම් ක්‍රියාත්මතක බව අජිත් රෝහණ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය හෝ මත්පැන් සහිතව සාද පැවැත්වීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස සියලු පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය හෝ මත්පැන් සම්බන්ධව යම් තොරතුරක් ලබාදීමට ඇත්නම් 1997 යන දුරකථන අංකය ඔස්සේ මහජනතාවට ඒ සඳහා අවස්ථාව පවතී.