දැරිය මියයාමේ සිද්ධියට බදියුදින්ගේ නිවසේ සි.සි.ටි.වි දර්ශන නැවත පරික්ෂාවට
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී ඉෂාලිනී දැරිය පිළිස්සි මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ නිවසේ සී සී ටී වී කැමරාවල දර්ශන අද නැවත වරක් පරීක්ෂා කිරීමට පරීක්ෂණ කණ්ඩායම් කටයුතු කළා.
අධිකරණයෙන් ලබා ගත් නියෝග අනුවයි මෙම පරීක්ෂා කිරීම් සිදු කළේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සුම් තුවාල ලබා මියගිය ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.
මේ වනවිටත් පරීක්ෂණ කණ්ඩායම් හතළිස් දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. අදාළ තොරතුරු විශ්ලේෂණාත්මකව විශේෂඥ දැනුම ඇති පරීක්ෂණ නිලධාරීන් දිගින් දිගටම විමර්ශනය කරමින් සිටිනවා.
popular news
-
sg Wednesday, 04 August 2021 11:56 PM
Boru karanne nathuwa aththa eli karanna ...kaawada rawattanna hadannee...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

