කිලිනොච්චිය පොලිස් වසමේ අම්බාල් නගර් ප්රදේශයේ පිහිටි ඉඩමක තිබූ අනාරක්ෂිත ළිඳක් තුල තිබී සිව් හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ඊයේ (19) දින සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.
දැරිය ගෙවත්තේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව ඥාතීන් විසින් දැරිය සොයන අවස්ථාවේදී නොමැති වීමෙන් ප්රදේශවාසීන්ගේද සහයෙන් සොයන අවස්ථාවේදී ඉඩමේ පිහිටි අනාරක්ෂිත ළිඳකට දැරිය වැටී ඇති බවට අනාවරණය වී ඇත.
එම අවස්ථාවේම ඥාතීන් හා ප්රදේශවාසීන් එක්ව දැරිය ගොඩගත්තද ඒ වන විටත් දැරිය මියගොස් සිට ඇති අතර දැරිය සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ එලෙස ළිඳට වැටී දියේ ගිලී මිය යන්නට ඇති බවත් පොලීසිය සඳහන් කරයි .
දැරියගේ මළ සිරුර කිලිනොච්චිය මහ රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණ සඳහා යොමු කොට ඇතැයිද පරීක්ෂණ සිදුකරන බව කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.